Friday, 10 January 2025

කලු-සුදු

සැබැවින් ම මා සතුව ලිවීමට යමක් ඇත්දැයි යන්න නිතර ප්‍රශ්නාර්ථයකින් යුක්තව මා , මා වෙතින් අසයි!යමක් ලියූවද එය ලිවීමට තරම් ද, ලිවිය යුතුම ද යන්න ද ප්‍රශ්නාර්ථයකින් යුක්තය.  විවිධ හැළහැප්පීම් ඔස්සේ  ආ ජීවිතයේ සියළු තැන්හි විවිධාකාර මිනිසුන් ය, විවිධාකාර සිදුවීම් ය. සන්තෝශය පිරුණු,දුකෙහි වේදනාබරිතව ඇලුණු තැන් බොහෝය ! නමුත් කාලය  ගෙවී අවසානය-ජීවිතය නොනවත්වා ඉඳිරියට යයි! සන්තෝශය පිරුණූ තැන්හි ආශ්වාදය හෝ වේදනාබරිත මතක වල ශෝකීභාවය තව දුරටත් කිසිදු හැඟීමක් එලෙසින් ම ඇති කරන්නෙ නැත.ඇත්තේ කලු සුදු වර්ණිත යමක් පමණී.ලිවීමෙහි ලා මම ප්‍රවීණයෙක් නොවන්නෙමි. මට ඇත්තේ ජීවිතය පිළිබඳ මට දැනෙන දේ අකුරු කිරීමට ඇති භාෂා සාක්ෂරතාවය පමණි. එය ද ජීවිතය පිළිබඳ  දැනෙන දෑ අකුරු කිරීමට තරම්  දැයි මම නොදනිමි!


නමුත් ලියමි! 




No comments:

Post a Comment

කලු-සුදු

සැබැවින් ම මා සතුව ලිවීමට යමක් ඇත්දැයි යන්න නිතර ප්‍රශ්නාර්ථයකින් යුක්තව මා , මා වෙතින් අසයි!යමක් ලියූවද එය ලිවීමට තරම් ද, ලිවිය යුතුම ද යන්...